පයිතන්

පාලන ව්‍යුහයන්
සෑම පරිගණක ක‍්‍රමලේඛයක ම පහත සඳහන් පාලන ව්‍යුහයන් එකක් හෝ ඊට වැඩි ගණනක් භාවිත
කෙරේ.
1. අනුක‍්‍රමය (sequence)
2. වරණය (selection)
3. පුනර්කරණය (repetition/iteration)

පරිගණක ක‍්‍රමලේඛ තුළ ඇති වගන්ති ක‍්‍රියාත්මක කරන අනුපිළිවෙළ පාලන ව්‍යුහයන් මගින් පාලනය
කෙරේ.

1. අනුක‍්‍රමය
ක‍්‍රමලේඛයක ඇති වගන්ති එකිනෙක අනුපිළිවෙළින් දී ඇති ආකාරයට ක‍්‍රියාත්මක කිරීම අනුක‍්‍රමය
නමින් හඳුන්වනු ලැබේ.
උදාහරණ 1:

පරිශීලකයා ලබා දෙන සංඛ්‍යා දෙකක එකතුව හා සාමාන්‍ය අගය සෙවීම
num1=int(input("Enter number 1:"))
num2=int(input("Enter number 2:"))
total=num1+num2
average=total/2
print "Total of two numbers:",total
print "Average of two numbers:",average

ප්‍රතිදානය
>>>
Enter number 1:45
Enter number 2:66
Total of two numbers: 111
Average of two numbers: 55
>>>
2. වරණය
විකල්ප ප‍්‍රකාශන සමූහයක් ඇති විට දෙන ලද කොන්දේසියක් පරීක්ෂා කර එක් විකල්පයක් පමණක් තෝරා ගැනීම සිදුවේ.

  • සරල වරණය
If.....else කොන්දේසිය
කාරක රීතිය

if expression:
        statement 1
        statement 2
else:
        statement 1
        statement 2

පරිශීලකයා ලබාදෙන ලකුණුවල සාමාන්‍ය අගය 60 වැඩිනම් හෝ සමානයි නම් Pass ලෙසත් අඩුනම්  Fail ලෙසත් පෙන්වීම සදහා වන Python කේතයන් ලියන්න.
උදාහරණ 2:

ave=input("Enter a number:")

if(ave>=60):

    print "pass"

else:

    print "Fail"

ප්‍රතිදානය




  • බහු වරණය

if expression 1:
         statement 1
         statement 2
elif expression 2:
        statement 1
        statement 2
else:
        statement 1
        statement 2

භාණ්ඩයේ මිල රු. 1000.00 වැඩි නම් 10% වට්ටමක් ද එහි මිල 500 සිට 1000 දක්වා නම් 5%ක වට්ටමක් ද එසේ නොමැති ඒවා සඳහා 2% වට්ටමක් ද හිමිවේ.
උදාහරණ 3:

price=int(input("Enter item price:"))
if price>=1000:
     discount=price*10/100
elif price>=500:
     discount=price*5/100
else:
     discount=price*2/100
netprice=price-discount
print "Discount for the item price:",price,"is:",discount
print "Net price:",netprice

ප්‍රතිදානය
>>>
Enter item price:800
Discount for the item price: 800 is: 40
Net price: 760
>>>
උදාහරණ 4:
සංඛ්‍යා දෙකක් ලබාගෙන එය මෙනුවකින් තෝරාගත් ගණිත කර්මයට අදාළ ප‍්‍රතිඵලය
ප‍්‍රතිදානය කිරීම සදහා වන Python කේතයන් ලියන්න.
num1=int(input("Enter first number:"))
num2=int(input("Enter second number:"))

print "input 1 to Addition"
print "input 2 to Subtract"
print "input 3 to Multiplication"
print "input 4 to Devision"

choice=input("Enter your choice:")
if choice==1:
     ans=num1+num2
elif choice==2:
     ans=num1-num2
elif choice==3:
     ans=num1*num2
elif choice==4:
     ans=num1/num2
else:
     print "invalid input "
print "The answer is:",ans

ප්‍රතිදානය
>>> 
Enter first number:41
Enter second number:11
input 1 to Addition
input 2 to Subtract
input 3 to Multiplication
input 4 to Devision
Enter your choice:2
The answer is: 30
>>> 

  • nested if කොන්දේසිය
සංඛ්‍යා 3 ක් අතරින් විශාලතම සංඛ්‍යාව සෙවීම සදහා වන Python කේතයන් ලියන්න.














ප්‍රතිදානය
>>>
Third number is grater: 20

>>>
අභ්‍යාස

  1. පරිශීලකයා ලබාදෙන සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද යන්න  පෙන්වීම සදහා වන Python කේතයන් ලියන්න.
3. පුනර්කරණය

වගන්ති එකක් හෝ කිහිපයක් නැවත නැවත ක‍්‍රියාත්මක කිරීම පුනර්කරණය ලෙස හැඳින්වේ.
for ප‍්‍රකාශනය
වගන්ති එකක් හෝ වැඩිගණනක් හෝ යම් නිශ්චිත වාර ගණනක් පුනර්කරණය කිරීම සඳහා මෙම
ප‍්‍රකාශනය භාවිත කෙරේ.

උදාහරණ 5:
0 සිට 10 දක්වා ඇති සංඛ්‍යා මුද්‍රණය කිරීම සදහා වන  Python කේතයන් ලියන්න.
for i in range(10):
     print i

ප්‍රතිදානය
>>> 
0
1
2
3
4
5
6
7
8
9
>>> 
උදාහරණ 6:
1 සිට 10 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා මුද්‍රණය කිරීම සදහා වන  Python කේතයන් ලියන්න.
for i in range(1,10,2):
     print i
ප්‍රතිදානය
>>> 
1
3
5
7
9
>>>
උදාහරණ 7:
for ප‍්‍රකාශනය දත්ත ලැයිස්තුවක් සමග භාවිත කෙරේ.

numbers=(11,12,15,4,2)
for num in numbers:
     print num
ප්‍රතිදානය
>>> 
11
12
15
4
2

>>> 
while ප‍්‍රකාශනය


ලබා දෙන කොන්දේසියක් සත්‍යව පවතින තෙක් පුනර්කරණය සිදුවේ
while Loop in Python programming
උදාහරණ 8:
1 සිට 10 දක්වා ඇති සංඛ්‍යා මුද්‍රණය කිරීම
i=1
while i<10:
     print i
     i=i+1
ප්‍රතිදානය

>>> 
1
2
3
4
5
6
7
8
9
>>>